Wednesday, September 13, 2017

ලිංගික බෙලිහීනතාවයට කිරි සමග මුරුංගා මල් පානය කරන්න

ලිංගික සංසර්ගය සඳහා ලිංගයේ ප්රාණවත් කමක් රඳවා ගැනීමට නොහැකි වීම සමහර පිරිමින් විසින් අත් විඳින මහත් ගැටළුවකි. ලිංගික බෙලහීනකම ලෙසද මෙය හඳුන්වයි. සමහර පිරිමින්ට මෙය සමහර කාල වලිදී තාවකාලිකව ඇති වෙනු ඇත. 

ස්වයං වින්ඳනයේ යෙදෙන විට ලිංගය ප්රාණවත් වූවත්, සහකාරිය හා ලිංගිකව එක්වෙන විට මෙම ප්රාණවත් කම රඳවා ගැනීමට සමහර පිරිමින්ට නොහැකි වේ. 

මෙයට විවිධාකාර හේතු තිබිය හැක. ලිංගයේ රුධීර නාල සිහින් වීම, මානසික වශයෙන් ඇති බය, හෝර්මෝණ වෙනස් කම්, හෝ සම්බන්දතාවයේ ගැටළු මීට හේතුව විය හැක. 

හේතුවට අනුව, මීට කරන ප්රතිකාරද වෙනස් වෙනු ඇත. 

ලිංගයට සැපයෙන රුධීර ප්රමාණයේ අඩු කමක් නිසා හෝ මානසික ගැටළුවක් නිසා ඇති වෙන ලිංගික බෙලිහීනතාවයට නිවසේ සිටම කළ හැකි ප්රතිකර්ම ඇත. ඒවා මෙම ලිපියෙන් විස්තර කෙරේ. 

1) කිරි සමග මුරුංගා මල්: පහසුවෙන්ම හා ලාභදායී ලෙස කළ හැකි ප්රතොකර්මයකි. මුරුංගා මල් වල කාම-වර්ධන ගුණ ඇත. ලිංගික අප්රාණිකත්වයට මින් සහනය ලැබේ. මුරුංගා මල් අතලොස්සක් කිරි වීදුරුවකට දමන්න. පසුව, මෙම කිරි හා මල් රත් කර ගන්න. බීමට හැකි වෙන තරම් පානය නිමා ගන්න. පසුව පානය කරන්න. මාස දෙකක් පමණ මෙම ප්රතිකර්මය කිරීමෙන් ගුණ ලැබෙණු ඇත. 

2) කැරට්/මී පැණි හා බිත්තර: මෙම මිශ්රණයෙන් කාමාශාව ඇති වේ. භාජනයකට, මී පැණි මේස හැඳි 2ක්, භාගෙට තම්බා ගත් බිත්තරයක්, හා ගා ගත් කැරට් දමන්න. මෙම මිශ්රණය දිනපතා පරිබෝජනය කරන්න. දින 30-45ක් පමණ කිරීමෙන් ගුණ ලැබෙණු ඇති. 

3) ඉඟුරු හා මී පැණි: විවිධ රෝග සඳහා ගුණ දෙන ඉඟුරු ලිංගික අප්රාණිකත්වයටද ගුණ දේ. පිරිසිදු ඉඟුරු කැබැල්ලක් පොඩි කර තලපයක් සාදා ගන්න. තලපයෙන් ඉඟුරු යුෂය මිරිකා ගන්න. මෙම ඉඟුරු තලපය මේස හැඳි 2කකට මී පැණි මේස හැඳි 2ක් එකතුකර පරිබෝජනය කරන්න. දිනකට තුන් වරක් මෙසේ කරන්න. 

4) රටඉඳි හා ඇට වර්ග: ලිංගික හැකියාව වැඩි කිරීමට රටඉඳි වලට හැකියාව ඇත. රටඉඳි ගෙඩි කීපයක්, පිෂ්ටාචියෝ ඇට, හා ආමන්ඩ් ඇට සමාන ප්රමාණයන්ගෙන් ගෙන මිශ්රණයක් සදා ගන්න. මෙම මිශ්රණය කිරි වීදුරුවක් සමග දිනපතා පානය කරන්න.

5) කළු වියළි මිදි: කළු වියළි මිදි ලිංගික ශක්තිය වැඩි දියුණු කිරීමට උපකාර වන ඉතා හොඳ පළතුරකි. මද රශ්ණේ වතුරෙන් කළු මිදි 30g ක් පමණ සෝදා ගන්න. මෙම මිදි, කිරි මිලිලීටර් 200ක් සමග රත් කර ගන්න. මෙම මිදි පරිබෝජනය කර කිරි වීදුරුව බොන්න. ඵලදායී ප්රතිඵල දැක ගැනීමට දිනකට තුන් වරක් මෙසේ කරන්න. 

6) බංඩක්කා කාමාශාව වැඩි කරන එළවළුවකි. මුල් කුඩු 5g ක් මද රශ්ණේ කිරි වීදුරුවකට එක් කරන්න. මෙයට කැන්ඩි සීනි තේ හැඳි දෙකක් එකතු කර දිනපතා පානය කරන්න. 

7) ඇස්පරගස් මුල්: කාමාශාව ඇති කර බෙලිහීනතාවය නැති කරයි. වියලි මුල් 15g ක් කිරි කෝප්පයකට එකතු කරන්න. මද රශ්ණෙන් මෙය පානය කරන්න. දිනකට දෙපාරක් පානය කරන්න. 

8) සැෆ්රන්: කාමාශාව වැඩි කර රුධීර නල සංසිඳුවයි. කැමති කෑමකට එකතු කර පරිබෝජනය කරන්න. සම්භාහනය කරන තෙල් වලට මෙය එකතු කර ශරීරය සම්භාහනය කිරීමෙන් රුධීර නාල සංසිඳුවී කාමාශාව වැඩි වේ. 

9) සුදු ළුනු: බෙලිහීනතාවයට ගුණ දෙන එළවළුවකි. ප්රතිශක්තීකරණ පද්දතිය ශක්තිමත් කර ලිංගික හැකියාව වැඩි කරයි. අමු ගෙඩි 3-4ක් දින පතා සපා කන්න. සුදු ළුනු-පාන් පරිබෝජනය කිරීමද ගුණ ගෙන දේ. 

10) ඔබගේ ශරීරයට විවේකය ලබා දෙන්න. ලිංගිකව එක්වෙන විට මනස සන්සුන්ව තියා ගන්න. සීමාව ඉක්මවා උද්දාමයට පත් වීමද ගැටළු ඇති කරයි. මනස හා මස්පිඩු සංසිඳුවන ව්යායාම කරන්න. 

11) දුම් පානය නවත් වන්න: දුම් පානය පිරිමියෙකුගේ ලිංගික හැකීයාව අඩු කරයි. එම නිසා, දුම් පානය නවතා දමන්න. එක් වරම ඔබට දුම් පානය නවතා දැමිය නොහැකි නම්, ඉලෙක්ට්රොනික් සිගරට් වැනි නිකොටින් වෙනුවට ආදේශකයක් භාවිතා කිරීමට උත්සාහ කරන්න.

12) ලිංගිකව එක් වීමට පෙර මධ්යසාරය ගැනීමෙන් හැකියාව අඩු වෙනු ඇත. 

13) වැඩි වශයෙන් විටමින් A අඩංගු වෙන ආහාර ගන්න. මෙය, ලිංගික බෙලිහීනතාවයට ඇති හොඳම විසඳුමකි මෙය.

14) තන්තු ඇති ආහාර ගන්න. ඔබගේ බිරිඳව සතුටු කර වීමට තරම් ඔබට කාමාශාවක් දැනෙන්නේ නැත්ද? ඖෂධ භාවිතයෙන් ඔබ හෙම්බත් වී ඇත්ද? එහෙනම්, අප ඔබට ඉදිරිපත් කර ඇති මෙම ප්රතිකර්ම අත් හදා බලන්න. 

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Tuesday, September 12, 2017

ගැට ගැසුණු නහර සුවපත් කරන විශ්මිත ඔසුවක්

නහර ගැටගැසීම කියන්නේ ඉතා සුලබ රෝගයක්. කාන්තාවන් තමයි මේ රෝගයට වැඩිපුරම බඳුන් වෙන්නේ, ගැටගැසුණු රුධිර නාලිකා පිටතට ඉල්පුනු නහර වේදනාකාරී ඉදිමුණු කකුල් මේ රෝගයේ ප‍්‍රධාන ලක්ෂණ කිහිපයක්. වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ මෙම රෝගය රුධිර නාල දුර්වලවීමේ සංඥාවක් කියලා. මේ ලිපියෙන් අපි ඔයාලට කියාදෙන්නේ මේ පීඩාකාරී රෝගයට එරෙහිව සටන් කරන ස්වභාවික ප‍්‍රතිකර්මයක්. මේ නහර ගැට ගැසීමේ රෝගයේ වර්ධනය සඳහා අපේ සමහර පුරුදු සෘජුවම බලපානවා.


උස අඩි සහිත පාවහන් පැළඳීම අපහසු/ වැරදි ඉරියවු වලින් ඇවිදීම. හිඳගෙන සිටීම ආදිය නිසා නහර ගැටගැසීම වේගවත් වෙනවා. ගර්භ භාවය නිසාත් මේක වර්ධනය වෙනවා. නිසි පෝෂණයත් අත්‍යාවශ්‍යයි. සත්ව ප්‍රෝටීන්, විටමින් C ආදිය වැඩිපුර පරිභෝජනය කල යුතුයි. ඒත් මතක තියාගන්න සීනි සහ අසංතෘප්ත මේද අම්ල ශරීරයේ ඉදිමීම් සහ දැවිල්ල ඇතිවීම සඳහා හේතු වෙනවා. නිවසේදීම සකස් කරගත හැකි මේ සරල ප‍්‍රතිකාරය අත් හදා බලන්න.

මේ සඳහා අවශ්‍ය වන්නේ
කුඩා කැබලි වලට කපාගත් කැරට්.
කෝමාරිකා ජෙල් (සාරය)තේ හැඳි 3ක්.
ඇපල් සයිඩර් විනාකිරි තේ හැඳි බාගයක්.

මේ ද‍්‍රව්‍ය තුනම එකට දාල හොඳින් මිශ‍්‍ර වන තුරු බ්ලෙන්ඩර් කරගන්න. ඔයාට මේ ආලේපය භාවිතා කරන්න  ඕන ප‍්‍රදේශයේ තරම අනුව අමුද‍්‍රව්‍ය ප‍්‍රමාණය වැඩි කරගන්න පුළුවන්.

දැන් මේ මිශ‍්‍රණය රෝගය සහිත ප‍්‍රදේශයේ හොඳින් ආලේප කරල අවශ්‍ය නම් බැන්ඬේජ් එකකුත් දාන්න. මේ විදියට පැය බාගයක් පමණ තියෙන්න දෙන්න.

ඊට පස්සේ ඇල් වතුරින් සෝදා හරින්න. මතක තියාගන්න ඔයා දෙපා සෝදන්න  ඕන උඩු අතට කියන එක. ඒක සුවවීම ඉක්මන් කරනවා.

අපේක්ෂිත ප‍්‍රතිපලය ලැබෙන තුරු මේ ප‍්‍රතිකාරය දිනපතාම කරන්න ඕන.

කැරට් වල ප‍්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වෙනවා. ඇපල් සයිඩර් විනාකිරිවලට රුධිර කැටි ඇතිවීම වැළක්වීමේ හැකියාවක් තියෙනවා. කෝමාරිකා ජෙල් කියන්නේ ගොඩක් ලෙඩ රෝග වලින් ඔබව ආරක්ෂා කිරීමටත් වැළදුණු ලෙඩ රෝග සුවකිරීමටත් උපකාරී වන මහගු ඖෂධයක්. ඒ වගේම සමේ ආශ‍්‍රිත අසාධන තත්වයන් වලට කෝමාරිකා තරම් ප‍්‍රබල ඔසුවක් මෙලොව නැති තරම්. ඉතින් මෙන්න මේ හේතු නිසා තමයි නහර ගැට ගැසීමේ රෝගයට එරෙහිව මේ ප‍්‍රතිකාරයට මෙච්චර ලොකු බලයක් ලැබෙන්නේ. ඉතින් මේ වටිනා ප‍්‍රතිකර්මය පාවිච්චි කරලා සුවයක් ලබන්න දැන් ඔයාටත් පුළුවන්.

ඔබත් වෙරලූ ආහාරයට ගන්නවාද? එහෙනම් අනිවාරායෙන්ම කියවන්න

මිල අධික වූණාට පලතුරුවල ගුණයේ වැඩිවීමක් නැහැ.

වෙරළු ගැමි ජනතාව අතර ඉතා ප‍්‍රචලිත පලතුරකි. මෙම ශාකය පැරණි සෑම නිවසකම දෑකිය හැකිය.

අද කාන්තාවන් මෙම පලතුරට එතරම් සැලකිල්ලක් නොදෑක්වූවත් පැරණි කාන්තාවෝ සහ ළමයි වෙරළු අච්චාරුවට ප‍්‍රිය කළහ.

විශේෂයෙන්ම ගර්භනී සමයේදී මූල් මාස කිහිපයේ ඇතිවන කෑම අරුචිය නිසා වෙරළු අච්චාරු කෑමට ප‍්‍රිය කරයි.

සැබවින්ම වෙරළු විටමින් සී වැඩිපූර අන්තර්ගත පලතුරක් මෙන්ම වෙරළු උෂ්ණ ගුණයද සහිත පලතුරකි.

වෙරළු අම්ල ගුණය නිසා අමූවෙන් ආහාරයට ගැනීමෙන් උගුර අමාරු ඇතිවිය හැකි අතර අමූවෙන් අච්චාරු ලෙස ආහාරයට ගැනීමෙන් පිත, රුධිරය අපිරිසිදු වීම වගේම ශරීරයේ බිබිලි ඇතිවන්නටද පූළුවන.

ආමාශ‍්‍රදාහය (ග‍්‍රැස්ට‍්‍රයිටිස්) ඇති පූද්ගලයින්ට වෙරළු ආහාරයට ගැනීම සූදුසූ නොවන බව මතකයේ තබාගත යූතුය. එහෙත් අමූ වෙරළු වලට කුසගින්න වර්ධනය කිරීමේ හැකියාව තිබෙන බව දන්නවාද? තව කරුණක් කිව යූතු වේ. එය නම් අපට නොමිලයේ සපයාගත හැකි වෙරළු ගෙඩිය අද සූපිරි වෙළෙඳ සල්වල පැකටි වශයෙන් හා ඇසූරුම් කළ බෝතල් වශයෙන් වෙරළු අච්චාරු ලෙසින් අලෙවියට තිබීමයි. එම අසූරන ලද බෝතල්වලට කල්තබා ගැනීමට යම් රසායනික ද‍්‍රව්‍ය අඩංගු කර තිබෙන්නට පූළුවන.

මේ නිසා ඔබ මෙම පලතුර ආහාරයට ගන්නේ නම් ස්වාභාවික අන්දමින් ගැනීම සූදුසූය.

හොඳින් පැසී ඉදුණූ වෙරළු වලට ශරීරයේ සෙම් ගතියද අඩූකිරීමේ හැකියාව තිබෙන බව ආයූර්වේදයේ සඳහන් වේ.

ඔබට මූදල් වැය නොකර ලස්සන වන්නට හැකි බව දන්නවාද? වෙරළු කොළ හොඳ රූපලාවන්‍ය ඖෂධයකි. වෙරළු කොළ පංච කල්‍යාණියෙන් එක් අංගයක් වන කේශ කල්‍යාණියට ඉතාමත් හිතකරය.

වෙරළු කොළ තම්බා එම ජලයෙන් හිස සේදීමත් කොළ කොටා එම යූෂ හිසේ ගැල්වීමෙන් පිරිසිදු හා සිනිඳු දීප්තිමත් කෙස් කළඹක් ලබා ගැනීමටත් හේතුවේ. එමෙන්ම ඔබට නිතර වද දෙන හිස්හොරි වලටද මාහගු ඔසූවකි.

අප වෙරළු ගෙඩිය නොසලකා හරින අතර වැඩි මිලක් දී මිදි කෑමට පූරුදු වී සිටී. මිදිවල තිබෙන ගුණය වෙරළු ගෙඩිය තුළත් තිබෙන බව අමතක කරන්න එපා.

මෙම පලතුර  ඕනෑම පූද්ගලයකුට සූදුසූය.

නිදා ගන්න ඇදේ රෙද්ද යටින් සබන් කෑල්ලක් තබන්න - ඉන් සිදු වන දේ ඇසුවොත් ඔබ පුදුම වේවි

අවිවේකී පාද ප‍්‍රදාහය එහෙමත් නැතිනම් Restless Leg Syndrome සහ රාත‍්‍රී පා මස්පිඩු පෙරළීම, එහෙමත් නැතිනම් Night Leg Cramps කියන රෝග දෙක ගැන ඔබ දන්නවාද? මේ ගැන ගොඩක් දෙනා අහලා නැතිව ඇති නමින් නොදන්නවා වුනාට මේ දෙක ලංකාවේ බොහෝ දෙනෙක් පීඩා විඳින රෝග තත්වයන්. සමහර වෙලාවට ඉබේම ඇරිලා යන නිසා වැඩි දෙනා මේ ගැන ඒ තරම් හිතන්නේ නැහැ. ඒ වුනාට මේවා අපි සැලකිල්ලට ගත යුතු රෝග තත්වයන් ඒ නිසා ඔබව මේ පිළිබඳව දැනුවත් කරන්න අපි තීරණය කළා.

මේක ගොඩක් වෙලාවට රෑට නින්දට ගියාම දැනෙන දෙයක්. නිදා ගන්න ගියාම කකුල් රිදෙනවා වගේ දැනෙන එක තමයි මේකෙදි සිද්ධ වෙන්නේ වෙහෙස මහන්සියෙන් ඉද්දි නිදා ගන්න හැදුවත් මේක නිසා නින්ද යන්නේ නැහැ. හරි විදිහට ඉතින් හරිම කරදරයක් තමයි. කිසිම දෙයක් නොකර අමාරුවෙන් ඉන්නවට වඩා හොඳයි නේද මේක සුව කර ගන්න විදිහ ගැන හොයල බැලූවොත්? එහෙනම් අපි මේ ගැන ටිකක් කියවලා බලමු.

අවිවේකී පාද ප‍්‍රදාහය කියන්නේ මොකක්ද?
වෛද්‍ය මතය අනුව නම් අවිවේකී පාද ප‍්‍රදාහය කියන්නේ යම් පුද්ගලයෙක් විවේකයෙන් ඉන්නට උත්සාහ කරන වෙලාවට අනවශ්‍ය වේදනාවක් හා මානසික අසහනයක් ගෙන දෙන ස්නායු රෝග තත්වයක්. තවමත් මේ රෝගය ඇති වෙන්න හේතුව හරියටම හොයා ගන්න පුළුවන් වෙලා නැහැ. කොහොම වුණත් මේ රෝගය ඇති වීමත් එක්ක ඍජු සම්බන්ධයක් තියෙන තවත් රෝග කිහිපයක් වෛද්‍ය විද්‍යාව විසින් හඳුනා ගෙන තියෙනවා. ඒ අතරින් වකුගඩු ක‍්‍රියාකාරීත්වය අඩපණ වීම, දියවැඩියාව පමණට වඩා මද්‍යසාර ගැනීම. ඇතැම් බෙහෙත් වර්ග භාවිතය සහ ගර්භණි බව ප‍්‍රධාන හේතු වෙන්න පුළුවන් කියලා සැලකෙනවා.

රාත‍්‍රී පා මස්පිඩු පෙරලීම කියන්නේ මොකක්ද?
මේකේ නම් නම කියෙව්වම හොඳ අදහසක් එන්න ඇති. මේක ඉංග‍්‍රීසි රටවල් වල චාලි හෝසස්(Charlie Horses) කියලත් හඳුන්වනවා. නමින් කියවෙනවා වගේම මේකෙදි වෙන්නේ රාත‍්‍රියට නිදා ගන්න ගියාම කකුල් වල මස්පිඬු පෙරළෙන එකයි. කොහොම වුණත් අවිවේකී පාද ප‍්‍රදාහයේදී වගේ කකුල් හෙලෙව්වාට වේදනාව අඩු වෙන්නේ නැහැ. කකුල් එහා මෙහා කරද්දී ගොඩක් රිදෙන්න ගන්නවා. මේකට ප‍්‍රධාන හේතු වෙන්නේ පමණ ඉක්මවා වෙහෙසී ව්‍යායාම් කිරීම ඛණිජ හා විටමින් වර්ග වල ඌණතාවය සහ විජලනය වගේ කරුණු තමයි.

සටහන - කරන්න පුළුවන් ප‍්‍රතිකාර කිහිපයක්ම තියෙනවා. අදාළ ප‍්‍රදේශ හොඳින් සම්බාහනය කිරීම. උණු වතුරෙන් නෑම හෝ උණු වතුර පිරවූ තටාකයක බැස සිටීම. වතුර වැඩිපුර බීම සහ වෙලාවට සමබල ආහාර වේලක් ගැනීම මෙයින් ප‍්‍රධානයි. කොහොම වුණත් ඒ දේවල් එක පාරටම ඇති වන වේදනාවට කරන්න ටිකක් අපහසුයි. ඉතින් අපි දැන් කියන්න යන්නේ මේ රෝග දෙකටම බොහොම පහසුවෙන් කරන්න පුළුවන් ප‍්‍රතිකාරයක්.

ඔව්. ඔබේ ඇඳ රෙද්ද යටින් සබන් කැටයක් තියලා තිබ්බම මේ රෝග දෙකම පහසුවෙන් යටපත් කරගන්න පුළුවන්  කිව්වම එක පාරටම විශ්වාස නැති වෙන්න පුළුවන්. ඒත් මේක කරලා බලපු පිරිසෙන් 42%කටම ඉක්මන් සහනයක් ලැබිලා තියෙනවා. ඇත්තටම අපි වුණත් මේක සිදු වෙන්න හරිම හේතුව නම් දන්නේ නැහැ. සමහරු අදහස් දක්වලා තියෙනවා සබන් වල අඩංගු මැග්නීසියම් ලවණ මේකට හේතු වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒකට හේතුව මැග්නීසියම් ඌණතාවය සහ අපි මේ කතා කරන රෝග දෙක අතර පැහැදිළි සම්බන්ධයක් පෙන්න තියන එක’ සබන් කැටයෙන් නිදහස් වන ලවණ සම තුලින් අපේ ඇගට උරා ගෙන කැක්කුම අඩු වෙන බව තමයි එයාලගේ අදහස.

ඉතින් මේක නිකමට කරලා බලන්න කියලා තමයි අපිත් ඔබට කියන්නේ. රෑ නිදා ගන්න ගියාම මේ විදිහේ අපහසුවක් දැනුණොත් සම්බාහනය කරන්න හරි, වතුර උණු කරන්න හරි මහන්සි වෙනවා වෙනුවට සබන් කැටයක් බෙඞ් ශීට් එක යටට දාල බලන එක හරි පහසු වැඩක් නේද? අනික ඒ දෙයින් ලෙඬේ හොඳ වෙනවා නම් හරිනේ. ඒ සබන් කෑල්ල ඊට පස්සේ පාවිච්චියට ගන්න වුණත් පුළුවන්. ඉතින් කිසිම විශේෂ මහන්සියක්වත් වියදමක්වත් නැහැ.

ඒ වගේම තමයි පුළුවන් නම් ලැවෙන්ඩර් වගේ හොඳ සුවඳක් ඇති සබන් කැටයක් මේ සඳහා පාවිච්චි කරොත් වඩා හොඳින් නිදා ගන්නත් අවස්ථාව ලැබේවි. ගුණයක් ලැබෙන්නෙම නැත්නම් ඉතින් එක්කෝ ඉවසගෙන නිදා ගන්න හරි වතුර උණු කරලා මසාජ් කරන්න හරි සිද්ධ වේවි. නමුත් ගොඩක් වෙලාවට සබන් කැටය තිබ්බාම සුවයක් ගන්න පුළුවන්. සැකයි නම් කරලා බලන්නකෝ.


හරිම සරල ක‍්‍රමයකින් ලෙඩකින් සහනයක් ගන්න විදිහ ගැනයි අපි මේ කතා කළේ. තවත් මේ වගේ ලෙඩ රෝග අපහසුතා සුව කර ගන්න ක‍්‍රම, ලස්සන වෙන ක‍්‍රම වගේ දේවල් බොහොමයක් මේ සයිට් එක පුරා අඩංගුයි. ඒවත් කියවලා බලලා ඔබේ දැනුම වැඩි කර ගන්න. අපි නිතරම මේ වගේ කරුණු ගැන ලිපි ගෙන එන නිසා මේ සයිට්එකට නිතර ආවොත් ඔබට කාලයක් යද්දී හොඳ දැනුමක් එකතු කර ගන්න පුළුවන් වේවි.